තවුහිත් ජමාත් සමාජිකයා එළියට ගන්න OICට අල්ලස් දුන් සැකකරු යළි රිමාන්ඩ්

ජූනි 11, 2019

    අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම සැකකරු අද බන්ධනාගාරය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    මෙම සෑකකරුට ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 18 වැනිදා ප්‍රකාශ කරන බව නියම කළේය.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 11:57

    Latest News