ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව සඳහන් 61 දෙනා ලබන මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහාධිකරණය අද නියෝග කළේය.

කොලඹ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉකුත් අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මිය ගිය ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඞ් කාසිම් නැමැත්තා සමග බෝම්බ පුපුරුවා හරිමින් මියගිය මොහොමඩ් ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ ශරීර කොටස් භුමදාන කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද 18 කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තිඹිරිගස්යායා ප්‍රාදේශීය ලේකම්වරාය‍වෙත් නියෝගයක් නිකුත් කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාහැරීමට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලසක් දීමට තැත්කළ පුද්ගලයෙකු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එළි කරන බව, අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

පැය 72 ක  කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන  ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News