විශේෂ හැකියාවන් සහිත දීමනාව රු. 2000කින් ඉහළට: මුලු ප්‍රතිලාභින් ගණන 72000ක්

ජූනි 13, 2019

    විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් අතුරින් විවිධ හැකියාවන් සහිත අයට ගෙවනු ලබන මාසික දීමනාව ජුලි 1 සිට රුපියල් 2000කින් ඉහළට නැංවීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනූව නව මාසික දීමනාව රුපියල් 5000ක් වනු ඇති.

    සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි 32,000කට මෙතෙක් රුපියල් 3,000ක් බැගින් මෙම දීමනාව ගෙවනු ලැබිණ. මෙම දීමනාව  අපේක්ෂාවෙන් තවත් 40,000ක් පමණ ලියාපදිංචිව ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනා අනුව අලුතෙන් ලියාපදිංචි වූ 40,000 ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72,000ටම ජූලි මස පළමු වැනි දා සිට මෙම දීමනවා පිරිනැමේ. මෙම දීමනාව ගෙවීමට රජය විසින් මේ වසරේදී රුපියල් මිලියන 4350ක් වෙන් කර තිබේ.

    මෙම ගෙවීම් කිරීම සඳහා අනුමැතිය පිරිනැමෙන චක්‍රලේඛය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය වෙත මහා භාණ්ඩාගාරය විසින් ඊයේ (11) නිකුත් කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 13:57

    Latest News