අපරාධ 4ක වාර්තා නීතිපති වැ.පොලිස්පතිගෙන් වහා ඉල්ලයි

ජූනි 13, 2019

    ආන්දෝලනයට තුඩුදුන් අපරාධ ක්‍රියා සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සහ මුතුර් action farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යන සිද්ධින්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපති විසින් නිරීක්ෂණය කර ඇති බව නීතිපති සම්බන්ධීකරන නිළධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

    මෙම අපරාධ සිද්ධීන් සම්බනධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එහි අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇත.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 15:16

    Latest News