‘ගජබාහු’ නෞකාව ප්‍රථම මෙහෙයුම (විඩියෝ)

ජූනි 17, 2019
  • මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (17) ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාකර තිබේ.

    බේරුවල, ධීවර වරායෙන් මේ මස 09 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ශාන් පුතා 04’ බහුදින යාත්‍රාවේ ධීවරයෙකු රෝගිව සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒමට ‘ගජබාහු’ නෞකාව පිටත් කර යැවීණ.

    ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 109 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගැනිමේන් පසු මෙලෙස ගෙනවිත් ඇත. වෛද්‍ය පහසුකම්වලින් සමන්විත ගජබා නෞකාව රෝගියා අවශ්‍ය මුලික ප්‍රථමාධාර ලබාදිම ඒ තුළම සිදුකෙරිණ. අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා රෝගියා ගොඩබිමට රැගෙන ඒම වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් සිදුකෙරිණ. ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙතට ඇතුලත් කළ බව නාවික හමුදාව පවසයි.

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් පී - 626 නෞකාව, ශ්‍රි ලංකා නාවික නෞකා ගජබාහු නමින් අධිකාරීයට පත් කිරීම පසුගිය 07 වැනිද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණි‍. එය ශ්‍රි ලංකා නාවික හමුදවේ විශාලතම නෞකාව බවට පත්වා තිබේ.

    ‘ගජබාහු’ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා පංතියට එක්විමෙන් පසු සිදු කළ ප්‍රථම මුදවා ගැනීමේ මෙහෙයුම මෙයවේ.

    gajabhashipfisheman1 px 900

     

    Latest News