"ගජ" පැය 12තුළ ප්‍රචණ්ඩවන ලකුණු

නොවැ 13, 2018

    මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින "ගජ" සුළි කුණාටුව ඉදිරි පැය 12තුළ දී තවදුරටත් ප්‍රචණ්ඩ වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඊයේ රාත්‍රී නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරයට කිලෝ මීටර් 820ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතී. එය තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් අද දිනයේ ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

    සුළි කුණාටුවේ බලපෑම පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවලට පැවතිය හැකියි. එමෙන්ම, එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 90ත් 110ත් අතර වනු ඇතැයි, කාලගුණ අනාවැකියේ සඳහන්.

    සුළි කුණාටුවේ බලපෑම ලබන 15 වැනිදා පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය හරහා දකුණු තමිල්නාඩු වෙරළට ඇතුළුවනු ඇතැයි ද, නිවේදනයේ දැක්වේ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 10:46

    Latest News