දුම්රිය නවීකරණයට පෞද්ලික අංශයේ සහය

ජූනි 19, 2019

    දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පෞද්ගලික අංශයේ දයකත්වය ලබාගැනීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ සඳහා පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දී ඇතැයි ඔහු කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙමඟින් රජයට කිසිදු වියදමක් නැතැයි කී අමාත්‍යවරයා, දේශීය විදේශීය මඟීන්ට පහසුකම් සහිත වැසිකිළි සකස් කිරීමට කටයුතු කෙරෙන බවත් කියා සිටියේය. සංවර්ධනය කළ යුතු තත්ත්වයේ දුම්රිය ස්ථාන 134ක් පවතින බව ඔහු පෙන්වා දුනී. 2015 වසරේ සිට මේ දක්වා දුම්රිය ස්ථාන 58ක් සංවර්ධනය කර ඇතැයි අශෝඛ අබේසිහං මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේ දී දුම්රිය ස්ථාන 59ක් සංවර්ධනය කිරීමට නියමිත තිබේ.

    Latest News