සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට තම ප්රතිලාභ පහසුවෙන් හා කඩිනමින් ලබාගැනීමට අවස්ථාව සැලසීම එහි අරමුණයි. නිශ්චිත කාලයක් තුළ සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබාදීමට සේවා යෝජකයාට නියම කිරීමට සහ සේවා යෝජකයා එම තොරතුරු ලබාදීම පැහැර හරින අවස්ථාවලදී ඒ පිළිබඳ සේවකයාට සෘජුව දැනුම්දීමටත් එමගින් හැකිවේ.