පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රහසිගතව කරුණු විමසීමකට සූදානමක්

ජූනි 19, 2019

    ඉදිරියේදී සාක්ෂි විමසීමේ දී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව හෙළි නොකිරීමට සහ සාක්ෂි විමසීම රහසිගතව සිදු කිරීමට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ.

    කාරක සභාව අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව ඇතැම් සාක්ෂි විමසීමේ දී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරීමට විශේෂ කාරක සභාව අද තීරණය කළ බව එහි සභාපති, නියෝජ්‍ය කතානායකවරයා ආනන්ද කුමාරසිරි සඳහන් කළේය. ජාතික ආරක්ෂාවට අදාල සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරීන් ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව රහසිගතව රැස් වීමට තීරණය කළ බව ඔහු පැවසුවේය.

    අද දවසේ රැස්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක්ද සකස් කර තිබෙනවා.කෙසේවෙතත් හෙට දිනයේ සාක්ෂි වීමසීමට නියමිතව තිබෙන්නේ සමස්ත ලංකා තවුහීද් ජමාත් සහ ශ්‍රී ලංකා තවුහීද් ජමාත් යන සංවිධාන වලිනි.

    Last modified on බදාදා, 19 ජූනි 2019 20:24

    Latest News