බදුලු දුම්රිය රෝසැල්ලේදී පීළිපනී: දුම්රිය ධාවනය හැටන් දක්වා

ජූනි 20, 2019

    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැන තිබේ.

    අද (20) පස්වරු 3 ට පමණ එම දුම්රියේ පසුපස නැරඹුම් මැදිරිය පිලි පැන ඇති බව පාලක මැදිරිය පැවසුවේය. නැරඹුම් මැදිරියේ බොගිය ගැලවි ගොස් ඇති අතර දුම්රිය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදු වි ඇත. පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය ගලවා සෙසු මැදිරි සමග විශේෂ දුම්රිය බදුල්ල දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.

    පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලි ගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාක මැදිරිය පැවසිය. මැදිරිය පිලිගත කරන තෙක් එම මාර්ගයේ ධාවනය වන දුම්රියන් නාවලපිටියේ සිට රොසැල්ල දක්වාත්, බදුල්ලේ සිට හැටන් දක්වාත් ධාවනය කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 17:02

    Latest News