සෑම විනාඩි 3කදීම 30ක් සරණාගත ලැයිස්තුවට

ජූනි 20, 2019

    සෑම මිනිත්තුවකදීම ලොව කොතැනක හෝ 30 දෙනෙකු අවතැන් වන බව, එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

    එම පිරිස දිනකට 37,000ක්. අදට යෙදී ඇති ලෝක සරණාගත දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන්. ලෝකයේම මේ වනවිට මිලියන 70.8ක පිරිසක් අවතැන්ව සිටින බව, සරණාගතයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි. එම සංඛ්‍යාව ඉකුත් වසරට සාපේක්‍ෂව මිලියන 2.3ක වැඩිවීමක්. වසර 20කට පෙර පැවති තත්වය මේ වනවිට දෙගුණ වී ඇතැයි ද වාර්තාව පෙන්වා දෙයි.

    සමස්ත සරණාගතයින්ගෙන් තුනෙන් දෙකක්ම අයත් වන්නේ සිරියාව, ඇෆ්ගනිස්තානය, දකුණු සූඩානය, මියන්මාරය සහ සෝමාලියාව යන රටවලටයි. අවතැන්වීමේ ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ, යුද ගැටුම් සහ හිංසනයන්. දේශපාලන රැකවරණ පතා වෙනත් රටවලට සංක්‍රමණය වන පිරිස් හා තම රට තුළම විවිධ හේතූන් නිසා වාසස්ථාන අහිමිවන්නන් ද අවතැන්වූවන් ලෙස සැලකේ. ඒ පිළිබඳ ලෝක අවධානය යොමු කිරීමේ අරමුණෙන් සෑම වසරකම ජූනි 20 ලෝක සරණාගත දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    30 වසරක යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල සැලකිය යුතු පිරිසක් අවතැන් වූහ. ගෙවුණු වසර කිහිපයේ දේශීය හා විදේශීය වශයෙන් රජය ගනු ලැබූ පියවර හේතුවෙන් මේ වනවිට ඔවුන් යළි පදිංචි කරවීමට හැකිවී ඇතැයි, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 ජූනි 2019 20:18

    Latest News