පාස්කු ප්‍රහාරයේ චෝදනාව පොලිසියේ ඉහළ පුටු 9කට

ජූනි 20, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳව විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කමිටු වාර්තා පදනම් කර ගනිමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට එරෙහිව අපරාධ හා විනය පරීක්‍ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.


    ජනාධිපති කමිටු වාර්තාවට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරීවල පවතින අඩුපාඩු පිලිබඳව කොළඹ දිසාව බාර, බස්නාහිර පළාත් උතුර බාර හා විශේෂ ආරක්‍ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කරන ලෙසයි, නීතිපතිවරයාගේ නිර්දේශයේ දැක්වෙන්නේ. ඊට අමතරව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, කොළඹ උතුර බාර පොලිස් අධිකාරිවරයා, මීගමුව දිසාව 3 බාර සහකාර පොලිස් අධිකාරිවරයා, මීගමුව දිසාව 4 බාර සහකාර පොලිස් අධිකාරිවරයා, කටාන පොලිස් ස්ථානාධිපතිවරයා හා ජම්පටා වීදිය පොලිස් මුර පොළේ ස්ථානාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා තිබේ.

    අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඉහත නිලධාරීන්ට සුදුසු විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට සිය ලිපිය මගින් දන්වා තිබේ.

    Latest News