වර්ජනයෙන් දුම්රිය මගීන් අපහසුතාවට

ජූනි 21, 2019

    වැටුප් සහ ශ්‍රේණි ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක වේ. 

    වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (20) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් සිදු කෙරිණ.

    එහිදී රජය පාර්ශවය සඳහන් කළේ මාස එකහමාරකින් පමණ සේවක ගැටළු වලට විසදුම් ලබා දිය හැකි බවයි.

    නමුත් සේවකයින් ඊට කැමැත්ත පළ කර නොමැති බව පැවසේ.

    මේ අතර, ඊයේ රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරුණු බව ද වාර්තා වේ.

    කෙසේ වෙතත් දුම්රිය ධාවනය අඬාල වීමෙන් සිකුරාදා දිනයේ ගම්බිම් බලා පිටත්ව යන මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තා වෙයි.

    දුම්රිය වර්ජනය හෙට(22) මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මකයි.

    Latest News