රජය, සමෘද්ධිලාභීන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නෑ; අමාත්‍ය ගමගේ (වීඩියෝ)

ජූනි 24, 2019

    සමෘද්ධිලාභීන්ගෙන් රජය කිසිදු මුදලක් අය නොකරන බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    ඇතැම් පිරිස් සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් මුදල් අයකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එය නීති විරෝධි බැවින් ඒ පිළිබඳව පොලිසියට හෝ තම අමාත්‍යාංශයට දැනුම් දිය හැකි බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා.....

    “මට දැන් නොයෙක් පළාත්වලින් වාර්තා වෙනවා සමහර සමෘද්ධි නිලධාරීන් ඒ සමෘද්ධි ලාභීන්ගෙන් නොයෙක් ආකාරයට මුදල් එකතු කරනවා කියලා. කිසිම කෙනෙක් එහෙම මුදල් කාටවත් ගෙවන්න අවශ්‍ය නැහැ. ප්‍රජා මූල සමිතියක් අපි හදනවා. ප්‍රජා මූල සමිතියට තමන් බැඳෙන කොට තමන්ගේ සමිතියට රුපියල් සියයක් දීලා, මාසික ගාස්තුව රුපියල් 20ක්. මූලිකව ඒ රුපියල් 120 ගෙවලා ප්‍රජා මූල සමිතියට බැඳෙන්න. සමෘද්ධි බැංකුවට ගිහිල්ලා තමන්ගේ ගිණුම අරින්න රුපියල් සියයක් දාන්න. එච්චරයි යන්නේ.

    ඊට පස්සේ තමුන්ට ලැබිය යුතු සමෘද්ධි ප්‍රතිලාභය මම බලාපොරොත්තු වෙනවා ජුලි මාසේ 30 වෙනිදායි ඉස්සෙල්ලා තමන්ගේ ගිණුමට වැඩෙනවා. කවුරුහරි වෙන ආකාරයකට මුදල් මෙම සමෘද්ධි ප්‍රතිලාභී ලබා දෙන්න අවශ්‍යයැයි කියලා එහෙම එකතු කරනවානම් කරුණාකරලා පොලිසියේ ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. එහෙම නැත්නම් කරුණාකරලා අපිට වහාම දන්වන්න“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:26

    Latest News