මහජන පෙත්සමට නොසන්සුන්තාවක් (වීඩියෝ)

ජූනි 24, 2019

    කළුතර නාගොඩ මහ රෝහල් පරිශ්‍රයේ පැවති මහජන පෙත්සමක් සඳහා අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයකට අද (24) දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    මේ නිසා දෙපිරිසක් අතර නොසන්සුන්තාවක් හට ගැණින. රෝහලේ කටයුතුවලට ද බාධා එල්ල වූ බව අප වාර්තාකරු පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන පෙත්සමක් සඳහා අත්සන් ලබා ගැනීමට ක්‍රියා කර තිබිණ. රාජ්‍ය ආයතනයක් තුළ මහජන පෙත්සම් අත්සන් තැබීම නීති විරෝධි බව පවසමින්, වෛද්‍ය නිලධාරී සංසඳ වෘත්තීය සංගමයක් විසින් ඊට විරෝධය පළ කරනු ලැබීය.

    මේ සඳහා රෝහල් අධ්‍යක්‍ෂවරියගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවට ද චෝදනා එල්ල විය. රෝගීන් ද මෙයට විරෝධය පළ කළේය. පොලිසිය පැමිණ නොසන්සුන්තාව මැඩපැවැත්විය. කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරුන් අද දහවල් 12.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, අත්සන් ලබාගැනීමේදී එල්ල වූ විරෝධයට එරෙහිවයි.

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:33

    Latest News