ජූලි 01 සිට එජාපයේ පිබිදිමක්

ජූනි 29, 2019

    එ.ජා.ප. පක්ෂ අභ්‍යන්තරය මේ වනවිට ජනාධිපති අපේක්ෂයා පිළිබදව දැනුවත්වී සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    බාහිර පුද්ගලයින් පතුරවන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, පක්ෂයක් වශයෙන් තවත් මාස 02ක් 03ක් ඇතුළත ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ජනතාවට හෙළි කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දේශපාලන පක්ෂයක් නිරන්තරයෙන් ක්‍රියාකාරී වියයුතු බවයි. ජූලි මාසේ 01 දා සිට පක්ෂයක් හැටියට කරගෙන ආ වැඩපිළිවෙල, පාක්ෂිකයන් නැවත අවදිකිරීමක් තුළින් ඉදිරියට ගෙනයාම ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

    ඔහු මේ අදහස් පලකළේ, පසුගියදා වව්නියාව ග්‍රිඩ් විදුලි උපපොළ වර්තමාන තත්ත්වය පරීක්ෂා කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමිනි.

     මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    "ලංවිම රැකියාවන්හි සේවක ස්ථාපිත කිරිමේදී යම් යම් විෂමතාවන් සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රදේශයන්ට අදාළවන පරිදි සේවක පිරිස් යොදවලා නැහැ. මෙම තත්ත්වය මත උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි භාෂාව පිළිබදව ප්‍රශ්නයක් පවතිනවා. ඒ හේතුවෙන් විදුලි පාරිභෝගික සේවය සැපයීමට යාමේදී භාෂාව භාවිතය මතින් ගැටළුකාරි තත්ත්වයන් උද්ගත වෙනවා. අපි හැකි ඉක්මණින් මේ විෂමතාවන් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 12:18

    Latest News