වෛද්‍ය ෂාෆිගේ විමර්ශන ගැන වාර්තාවක් කැඳවයි

ජූනි 29, 2019

    වැඩබලන පොලිස්පති විසින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන වෛද්‍ය ෂාෆි සම්බන්ධ විමර්ශන පිළිබඳ වාර්තාවක් කැඳවා තිබේ.

    ඒ ඊයේ (28) දින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් කු කළ ලිඛිත පැමිණිල්ලකට අනුවයි.

    රතන හිමියන් පවසන්නේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සම්බන්ධ සිදුකරන විමර්ශන නිසි ආකාරව සිදු නොවන බවයි. ඒ අනුව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාගෙන් එම විමර්ශන පිළිබඳ වාර්තාවක් කැඳවා ඇත. එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

     

    Latest News