කිරින්ද පලටුපාන වෙරළේ දී සැඩපහරට හසුවූ මවත් මරුට (වීඩියෝ)

ජූනි 30, 2019

    කිරින්ද වෙරළ තීරයේ දී දියේ ගිලීමෙන් මියගිය හැටල් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා සහ දියණියන් දෙදෙනාගේ මව ද ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්‍ෂයට පත්ව තිබේ.

    අනතුර සිදුවුණේ ඉකුත් 23 වැනි දින කිරින්ද පලටුපාන මුහුදු වෙරලේදී. පසුගිය ඉරිදා රළ පහරකට හසුව බේරාගත් මව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්‍ෂයට පත්ව තිබේ. ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනා කිරින්ද පලටුපාන මුහුදු තීරයේදී රළ පහරකට හසුවී දියේ ගිලීමෙන් මියගියේය. මියගිය තිදෙනාගේ අවසන් කටයුතු පසුගිය 25 වැනිදා සිදු කෙරිණ.

    එකම පවුලේ පදිංචි මොවුන් හැටන්, සාත්තු නිවාස පාර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙම කාන්තාව නුවරඑළිය පෞද්ගලික බැංකුවක නිලධාරිනියක් ලෙස සේවය කර ඇති අතර, සැමියා සහ දියණියන් දෙදෙනා සමඟ විනෝද චාරිකාවකට එක්ව සිටියදී පසුගියදා කිරින්ද මුහුදු වෙරළේදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 19:42

    Latest News