පොලිස් කොස්තාපල්ට පහරදුන් උප සභාපතිට වැඩ වරදී (වීඩියෝ)

ජූනි 30, 2019

    පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොළ මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඔහු අත්අඩංගුවට ගැණුනේ, නාරම්මල පොලිස්ථානයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ඊයේ රාත්‍රී පහරදීම සම්බන්ධයෙන්. නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොළ මහතා ඊයේ රාත්‍රී නාරම්මල පොලිස් ස්ථානයට පැමිණ අදාළ පොලිස් කොස්තාපල්වරයාට තර්ජනය කර පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. එහිදී තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ සහය ඇතිව පොල්ගම්පොළ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

    Last modified on ඉරිදා, 30 ජූනි 2019 19:33

    Latest News