සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රහකයින්ට කෝටි 18ක්..අගමැතිගෙන්

ජූලි 02, 2019

    සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රහයකයින්ට රුපියල් කෝටි 18ක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.

    දිරිය මිනිසුන්ගේ සොඳුරු නිවහන සමෘද්ධි නිවාස ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනින් ආරම්භ කෙරුණේ 2002 වසරේ. මේ වන විට වැඩසටහනට අදාළව ලබාදී ඇති නිවාස සංඛ්‍යාව 28,934ක්. ආරම්භයේ දී නිවසකට රුපියල් එක් ලක්ෂ පනස් දහසක් ලබා දුන් අතර, මේ වන විට එය රුපියල් ලක්ෂ දෙකක් දක්වා ඉහළ නංවා තිබේ.

    ලොතරැයි දිනුම් ඇදීමෙන් මසකට නිවාස 331ක් පිරිනැමෙන අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6කට අධිකයි. විශේෂ අවශ්‍යතා සහිත මෙන්ම, නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් සඳහා ද මෙම මුදල් ආධාර පිරිනැමීම විශේෂත්වයක්. එවැනි නිවසක් හිමි පුද්ගලයින් සඳහා පිරිනැමෙන මුදල් නිවාස අලුත්වැඩියා කිරීමට හෝ ස්වයං රැකියාවකට යෙදවිය හැකියි.

    ස්වාමීන්වහන්සේ, පූජකතුමන් හෝ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් ලොතරැයි ජයග්‍රහණ හිමිවූ විට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය පරිදි ඊට අදාළ මුදල් ලබාගැනීමට අවස්ථාව සළසා තිබේ. අද පැවැත්වෙන උත්සවයට අමාත්‍ය දයා ගමගේ මහතා ද සහභාගීවීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 13:53

    Latest News