ගාල්ලට පැය 9ක් වතුර නෑ

ජූලි 02, 2019

    ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(02) පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මී වැඩුම, ගෝනාපීනුවල, තෙල්වත්ත, කළුපේ සහ හික්කඩුව නගරය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 08:25

    Latest News