කාන්තාවකට බරපතල තුවාල සිදුකළ නාවලපිටිය අනතුර

ජූලි 02, 2019

    ගිනිගත්හේන,නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය හංදියේදී  පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් බස් රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද (02) පෙරවරු 11.00ට පමණ. ලක්ෂපානේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ නාවලපිටියේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි, පොලීසිය ප්‍රකාශ කරන්නේ.

    ලක්ෂපානේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුර හේතුව වි ඇති බව පොලීසිය පවසයි. එම රියදුරාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නාවලපිටිය පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    1 1

    1 6

    1 2

    1 3

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 12:35

    Latest News