ජනාධිපතිවරණයේ නියත දිනය කොමිසමේ සභාපතිගෙන් (වීඩියෝ)

ජූලි 09, 2019

    පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරණය නොවැම්බර් 09 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා කාලය තුළ අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනියේ “බ්ලැක් අයි“ වැඩසටහනට ඊයේ එක්වෙමින්. 

    “අපේ අදහස අපි කියලත් තියෙනවා ඒක. අපි ගරු කතානායකතුමා හමුවුණා එතුමාට දැන්වුවා. මැතිවරණ කොමිසන් සභාවේ අපි තිදෙනාම ගිහිල්ලා කිව්වා මේක දන්වන්න පක්‍ෂ නායකයින්ට. අපිට තියන්න පුලුවන් ළඟම දිනය නොවැම්බර් 15. ඈතම දිනය දෙසැම්බර් 07 කියලා. මොකද ඉරිදා දින එනවා. නිවාඩු දින එනවා. අපි මේක ගරු අගමැතිතුමාටත් කිව්වා. අපි ඔක්කොම ගිහිල්ලා ගරු ජනාධිපතිතුමාටත් කිව්වා. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා කිව්වේ දෙසැම්බර් 07 වැනිදා ඡන්දේ තියනවා කියලා. අපි කිව්වේ 15යි 07යි අතරේ. එතුමා කිව්වා දෙසැම්බර් 07 ඡන්දේ දැමීමට මැතිවරණ කොමිසම සූදානම් කියලා. අපි එහෙම නිශ්චිත දිනයක් කිව්වේ නැහැ. ඉතිං එතුමත් පිළිඅරගෙන ඉන්නේ. මට නම් තේරෙන්නේ නැහැ සමහරු අහනවා කල් යයිද කියලා රටේ බෝම්බ ගහන නිසා. මගෙන් කෙනෙක් ඇහුවා හදිසි නීතිය නිසා ඡන්දේ තියන්න පුලුවන් ද කියලා. මම ඇහුවා ඇයි හදිසි නීතියේ අපි ඡන්දේ තියලා නැද්ද. බෝම්බ ගහද්දි තියලා නැද්ද. කලබල තිබ්බ කාලේ 88-89 කාලේ මම හිතන්නේ නැහැ කවුරුත් ඡන්ද විමසුම කල්තියාවි කියලා“ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 10 ජූලි 2019 12:02

    Latest News