ශිෂ්‍ය ඝාතන නඩුවේ සාක්‍ෂිකරුවන් සොයා පරීක්‍ෂණ කඩිනමින් (වීඩියෝ)

ජූලි 09, 2019

    ත්‍රිකුණාමලයේ ශිෂ්‍යයන් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්‍ෂිකරුවන් සොයා පරීක්‍ෂණ කඩිනම් කරන ලෙස, නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

    නඩුවට අදාළ චූදිතයින් 13 දෙනා නිදහස් කිරීමටයි, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ. ඇප ලැබීමට හේතුවී ඇත්තේ, චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි මෙහෙයවා නොමැතිවීමයි. මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන් නිදහස් කළද, මෙහි මුලික විමර්ශනය යළි විවෘත කර වැදගත් සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි මෙහෙයවීමටයි අවසර ලබාදී ඇත්තේ. දීර්ඝ කාලයක් නඩු කටයුතු ප්‍රමාද කරමින් වැදගත් සාක්‍ෂිකරුවන්ගේ පදිංචි ස්ථාන සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ. එම තත්වය නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක්කරනු ලැබ තිබේ.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 19:38

    Latest News