2013 - 14 කරුංකා ජාවාරමක් ඇමති හෙළිකරයි

ජූලි 12, 2019

    වත්මන් රජය පත් වීමෙන් පසු කරුංකා පුවක් ආනයනය අධෛර්යට පත් කිරීමට කටයුතු කර ඇතැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වසර 2015 මෙක්ට්‍රික් ටොන් 12657ක 2018 දී මෙ.ටො.12117ක පුවක් ඵලදාවක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව විසින් වසර 2015 දී කරුංකා පුවක් මෙ.ටො. 29645ක් සහ 2018 දී මෙ.ටො.4947ක් අපනයනය කර ඇතැයි අමාත්‍යවරයා පවසයි. කරුංකා පුවක් ජාවාරමක් 2013-2014 කාලයේ සිදු වූ බව කී අමාත්‍යවරයා 2015 ආණ්ඩුව පත් වීමෙන් පසු කරුංකා පුවක් සොරකම නවතා දැමීමට පියවර ගත් බවද සඳහන් කළේ ය.

    Latest News