අතඇරපු ඇමතිධුරවලට යළි දිවුරුම් දෙන්න අපි සූදානම්...ෆයිසාල්(වීඩියෝ)

ජූලි 12, 2019
  • අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි අමාත්‍යධුර භාර ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා පවසයි. ඔහු අද අද (12) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

    සිය අමාත්‍යධුරවලින්ඉල්ලා අස්වීමට තීරණය කළේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව මෙහි දී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ද අමාත්‍යධුර භාර ගන්නා ලෙසට ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කරයි.

    රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ද ඉදිරියේ දී නැවත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 15:21

    Latest News