සජින් වාස්ගේ මිහින් ලංකා නඩුව ගැන 26 තීන්දුවක්..

ජූලි 12, 2019
    හිටපු පා.ම. සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා ඇති නඩුව ලබන 26වනදා නැවත කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
    එදින තවදුරටත් මෙම නඩුව  පවත්වාගෙන යාමට නොහැකි බව පෙන්වා දෙමින් විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝදතා සම්බන්ධයෙන්  නියෝගය ලබා දෙන බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වවරිය නියෝග කළාය. 
    පසුගිය රජය සමයේ සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රු. මිලියන 883ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.
    එම නඩුව පවරා ඇත්තේ කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අනුමැතිය ලබාගෙන නැති බැවින් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව විත්තියේ නීතිඥවරුන් මූලික විරෝදතා මතු කර තිබිණ.
    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 16:53

    Latest News