පුත්තලමේ යෝධ අඬු ඉස්සන්ගේ සරු අස්වැන්නක්

ජූලි 13, 2019

    "මැක්ක්‍රොබේරියම් රොසෙන් බර්ජි" විද්‍යාත්මක නාමයෙන් හදුන්වන"කර අඬු ඉස්සා" හෙවත් "මිරිදිය යෝධ අඬු ඉස්සා"ගේ අස්වැන්න නෙලීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට මේ දිනවල හැකිවී තිබේ.

    ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් බොහෝමයකට මිරිදිය යෝධ අඬු ඉස්සො පැටවුන් මුදා හැරීමට ක්‍රියා කර තිබිණ. ඒ මීට මාස 06 කට පමණ පෙර වන අතර මේ වන විට හොඳින් වැඩී අස්වැන්න නෙළන තත්ත්වයට පත්ව තිබේ. මෙම මිරිදිය යෝධ අඬු ඉස්සන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 1000 ත් 1300 ත් අතර මිලකට අලවි මේ දිනවල අලෙවි වේ.

    මෙම ඉස්සන් වර්ගය කරදියේ ජිවත් වුවත් තම අභිජනන කටයුතු සඳහා කරදිය මිශ්‍ර මිරිදිය සොයා පැමිණීම සිදුවේ. මෙරටට ආවේනික මෙම ඉස්සන් තවදුරටත් වැව්වලට මුදා හැර මිරිදිය ධීවරයන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. විදේශ විනිමය ලබා ගැනීමේ උත්සහයක් ද ඒ තුළින් ක්‍රියාත්මක වන බව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි.

    purpawns1 px 900 19 07 13

    purpawns3 px 900 19 07 13

    purpawns px 900 19 07 13

    Latest News