මහින්ද හොඬවැලට පොහොට්ටුව දීලා විශ්වාසභංගය පරාජය කළා

ජූලි 13, 2019

    ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමේ චෝදනවා එල්ල කළ යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොවන බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    සමන්ත විද්‍යාරත්න මහතා “ දෙමළ ජාතික සන්ධානය ඡන්දයදීමෙන් වැලකී සිටීමට සිටියා. මේ ආණ්ඩුව රැකීමට දෙමළ සන්ධානයට නොහැකි. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයේදී පාර්ලිමේන්තුවේ සිටින ක්‍රිස්තියානි මන්ත්‍රීවරුන් ඡන්දයදීමෙන් වැලකී සිටියා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව සමඟ ඩීල් එක දාලා විශ්වාසභංගයේදී 11දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා. රතු අලි කියන මතය පැත්තකින් තබා හොඬවැලට පොහොට්ටුව දීලා විශ්වාසභංගයේදී පරාජය කළ බව“ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    Latest News