ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව - ශ්‍රී ලංකාව සංචාරයට ලොව හොඳම දූපතක් (වීඩියෝ)

ජූලි 13, 2019

    එක්සත් ජනපදය පදනම් කරගත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව විසින් 2019 වසරේදි සංචාරයට ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

    එය මෑතකදී රටට ලැබුණු අනගි සහතිකයක් ලෙස සැලකේ. සංචාරක අත්දැකීම්වල විවිධත්වය එම ලැයිස්තුවේ ඉහළින්ම සිටීමේ ප්‍රධාන සාධකයවී තිබේ.

    වනජීවී, මැරිනලයිෆ්, තේ වගාවන් සහ සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන් දිවයින නැරඹිය යුතු සුවිහේෂි ස්ථානයන් බව එම සඟරාවේ ලේඛිකා රෙබෙකා අෂර්-වොල්ෂ් පවසයි.  ග්‍රීක දූපත්, මාලදිවයින, ෆීජි, හවායි හි මවුයි සහ පිලිපීනයේ පලවාන් දූපත පරාජය කරමින් ශ්‍රී ලංකාව ගෝලීය ඉහළම ස්ථානයක් මෙන්ම ආසියාවේ අංක එකේ දූපත බවත් ඇය පෙන්වා දේ.

    “ අප්‍රේල් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වන බවත් විශාල ප‍්‍රමාණයක් අත්කර ගෙන ඇත. රටේ ආරක්ෂාව යහපත් අතට හැරෙමින් තිබේ - සහ සංචාරය කිරීමට තරම් තේජාන්විත ” යැයි අෂර්-වොල්ෂ් සිය ලිපියේ සටහන් කර තිබේ. 

    ඉන්දියාවේ වෙරළට ඔබ්බෙන් පිහිටි වර්ග සැතපුම් 25,000 ක වු මනරම් දිවයිනේ හැකි තරම් කාලයක් ගත කිරීමට සෑම සංචාරකයෙකුම සිය දින දර්ශනය වෙන්කර ගත යුතු බව ඇය පවසයි.

    ලෝන්ලි ප්ලැනට් විසින් 2019 දී ලොව විශාලතම සංචාරය පරාදිසය ලෙස ශ්‍රී ලංකාව නම් කිරිම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුද නොවෙනස්ව පවති.

     

     

     

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:25

    Latest News