හමුදා ජිප් රථයක් පෙරළෙයි; සෙබලෙක් මරුට 08කට තුවාල

ජූලි 14, 2019

    මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේ  හමුදා ජීප් රථයක් පෙරළීයාමෙන් එක් අයෙකු මියගොස් අට දෙනෙකු තුවාල ලබා තිබේ.

    මෙම අනතුර අද (14) උදෑසන 6.00ට පමණ සිදුව ඇති අතර, තුවාල ලැබූ හමුදා සෙබළුන් මුලතිව් රෝහලට ඇතුලත් කර ඇත. හමුදා සෙබළුන් රැගත් ජීප් රථය පුදුකුඩුඉරිප්පු සිට මුල්ලියාවේලි දෙසට ගමන් කිරීමේදී කේපාපිලව් ප්‍රදේශයේ දී එය පෙරළී ගොස් තිබේ.  රියදුරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් එය පෙරළී ගොස් ඇති බව, පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ සෙබළුන් 7ක් සහ සෙබළියන් 2ක් කේපාපිලව් යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පසු මුලතිව් රෝහලට ඇතුළත් කෙරිණ. එහිදී මහියංගණයේ පදිංචි යුද හමුදා ලාන්ස් කෝප්‍රල් එච්.එම්. ජයරත්න මියගොස් ඇත.

    ආරක්‍ෂක රාජකාරිවල නිරතවූ හමුදා සෙබළුන් පිරිසක් සිය නිවාඩු සඳහා නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී අනතුර සිදුව ඇතැයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කියා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්‍ෂණ පවත්වයි.

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 12:54

    Latest News