එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය අනුරාධපුරයට

ජූලි 14, 2019

    ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය සහ සංවර්ධන ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දෙවැනි ප්‍රදර්ශනය ජූලි 24 - 27 දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

    මෙය මුදල් අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන අතර රාජ්‍ය ආයතන හා බැංකු වෙතින් ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගත හැකි වේ. එමෙන් ම ව්‍යවසායකත්වය පිළිබඳ උපදෙස්, මගපෙන්වීම් සහ පුහුණු අවස්ථාවන් ද මෙහි දී සැපයේ.

    ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත ප්‍රදේශයේ තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන් ලබා ගත හැකි පරිදි ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය සහ මාධ්‍ය කලාපය ලෙස කලාප හතකට වෙන් කර ඇත.

    ව්‍යවසායකත්ව අපේක්ෂාව ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට උපදේශකත්වයන්ගේ සිට පොලී සහන ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගැනීම දක්වා සියලු කාර්යන් එකම ස්ථානයකින් කර ගැනීමේ හැකියාව පවතී. රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු, ඒ ඒ අමාත්‍යංශවල කාර්ය භාරයන් සහ එමගින් එම ජනතාවට සැලසෙන සේවාවන් පිළිබඳ තොරතුරු මෙහි දී ලබා ගත හැකි ය.

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 11:50

    Latest News