රණවිරු හසලක ගාමිණි ජිවිතය පූජා කර අදට වසර 28ක්

ජූලි 14, 2019

    හසලක ගාමිණි හෙවත් ගාමිණි කුලරත්න රණවිරුවා රට වෙනුවෙන් ජීවිතය පූජා කර අදට (14) වසර 28ක් සපිරේ.

    ඒ 1991 ජුලි 14 වැනිදා අලිමංකඩදී. පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස 1966 සැප්තැම්බර් 22 වන දින මහනුවර, හසලක ග්‍රාමයේ උපන් ගාමිණි කුලරත්න සාමාන්‍ය සෙබලෙකු ලෙසයි හමුදා සේවයට එක්වුණේ. අලිමංකඩ කඳවුරට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ දී කඳවුර සහ එහි සිටි සෙබළුන් 600කගේ පමණ ජිවිත රැක ගැනීමට කුලරත්න විරුවා සිය ජිවිතය පරිත්‍යාග කළේය. ඒ ත්‍රස්තවාදීන්ගේ මාරක බුල්ඩෝසරයට කඩා වැදී එය විනාශ කරමින්.

    1991 ජුලි 10 වැනිදා වනවිට අලිමංකඩට තිබූ සියලු සැපයුම් මාර්ග අවහිර කරමින් ප්‍රදේශයේ බලය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ගෙන තිබිණ. ගුවනින් පවා යා නොහැකි තත්වයකුයි පැවතියේ. මරාගෙන-මැරෙන ත්‍රස්තවාදීන්ගේ බුල්ඩෝසරයක් පෙරටු කරගත් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් කඳවුර කරා පැමිණෙමින් සිටියේය. එම අවස්ථාවේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව සිය සහෝදර සෙබළුන්ගේ ජිවිත බේරා ගැනීමේ උත්තම අරමුණින් ගාමිණි කුලරත්න විරුවා බුල්ඩෝසරයට පැන එය පුපුරුවාලමින් සිය ජිවිතය ද පූජා කළේය.

    හසලක විරුවාගේ මෙම වීරක්‍රියාව අගයනු වස් කෝප්‍රල් තනතුරට උසස් කෙරුණු අතර, යුද හමුදා නිලධාරියෙකුට පිරිනැමෙන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් ද පුදනු ලැබීය.

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 17:54

    Latest News