පොලිස් ආරක්ෂාව යටතේ කතානායක පාර්ලිමේන්තුවට - 19ට කල්තබයි (වීඩියෝ)

නොවැ 16, 2018

    අද පාර්ලිමේන්තුව ප.ව 1.30ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද සභාව තුල පැවති නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව ආරම්භ කිරීම ප්‍රමාද විය.

    ඒ, පාර්ලිමේන්තු සභාගැබට පිහියක් රැගෙන පැමිණි මන්ත්‍රීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබ තුල විරෝධතාවක නිරත වීම හේතුවෙන්. මේ අනූව විනාඩි 45කට ආසන්න වේලාවක් මන්ත්‍රීවරුන් කතානායක අසුනේ වාඩි වෙමින් මෙම උද්‍ඝෝෂණය සිදුකළේය.

    අනතරුව දිගින් දිගටම පැවති නොසන්සුන්තාව අතර තුර පොලීසිය ආරක්ෂාව යටතේ සෙන්කෝලය සමග කතානායකවරයා පැමිණි අතර සභාවේ අසුන්ගනු ලැබිණ. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව 19 වැනිදා දක්වා කල්තැබීම සිදුකර කතානායකවරයා සිය අසුනෙන් පිටව ගියේය.

    කතානායක කරූ ජයසූරිය මහතා අසුන්ගෙන සිටිය දී ද මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් දිගටම පැවතින. මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් පවතින අතර මන්ත්‍රීවරුන් ද සභාව තුළ සිටී.

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 09:37

    Latest News