පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය ගැන වාර්තාවක් ඉල්ලයි

ජූලි 22, 2019

    අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිදුවන විමර්ශන පිළිබඳ වාර්තාවක් තමාට ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

    එම වාර්තාවට මෙම ප්‍රහාරය සම්බන්ධව දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳ තොරතුරු සහ ඒ එක් එක් සැකකරු සම්බන්ධව සිදුවන විමර්ශනවල දැනට තත්වය ඇතුලත් කරන ලෙසද සඳහන් කර ඇත.

    තවද එම සවිස්තර වාර්තාව ජූලි මස 24ට පෙර ලබා දීමට කටයුතු කරන ලෙසද වැඩිදුරටත් සඳහන්වේ.

    Latest News