ඊට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන බවද තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා සිය නියෝගයේ සඳහන් කර ඇත.
නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු එරෙහිව නීතිය ක්රියාත්මක නොකිරීම සඳහා කහවත්ත පොලිසියේ සේවය කළ විත්තිකාර හිටපු පොලිස් සැරයන්වරයා රුපියල් 15000 ක අල්ලසක් ඉල්ලා තිබේ.
එම මුදල ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගනු ලැබූ අතර පසුව අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබිණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්රකාශයට පත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්රදීප් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව ඔහු වැරදිකරු කරන බව නඩු තීන්දුවේ සඳහන් වී තිබේ.