තමීරගේ "රෙජීමයක රිදුම්" සහ "සෙල්ලම්ද සෙල්ලම්" අගමැතිට

ජූලි 23, 2019

    වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ලේකම් මාධ්‍යවේදී තමීර මංජු මහතා විසින් රචිත "රෙජීමයක රිදුම්" සහ "සෙල්ලම්ද සෙල්ලම්" කෘති ද්විත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම පසුගිය 18 වැනිදා අරලියගහ මන්දිරය් දී සිදු විය.

    2000 වසරේ දී මාධ්‍ය වෘත්තියට පිවිස ඇති තමීර මංජු මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය දිනා ගෙන ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගෙන තිබේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ "වියළුණු පොළොවේ සටන් ගීත" නමින් ඔහු ජන ගත කළ "රෙජීමයක රිදුම්" ගීතාවලිය ඇසුරින් මෙම "රෙජීමයක රිදුම්" කෘතිය රචනා කර ඇත. මෙම කෘතියට ඇතුළත් වන්නේ පසුගිය පාලන සමයේ දී සමාජයේ ආන්දෝලනයට ලක් වූ සිදුවීම් ඇසුරින් සාහිත්‍යමය විවේචනයකින් යුතුව රචනා කෙරුණු කාව්‍යයන් ය. රෙජීමයක කෘතිය දකුණු ආසියානු සාහිත්‍ය උළෙලේ දී ඉන්දියාවේ කීර්තිමත් ලේඛිකා අජිට් කෝර් මහත්මියගේ විශේෂ ඇගයීමට ද ලක් විය.

    ඔහුගේ "සෙල්ලම්ද සෙල්ලම්" කෘතිය ක්‍රීඩා සාහිත්‍යයට එක් කෙරෙන නවමු අත්දැකීමකි. 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් අනාවරණය නොවූ කරුණු මෙන්ම ක්‍රීඩාවේ සතර සීමාවෙන් එපිට දේශපාලනය පිළිබඳ ගවේෂණාත්මක ලිපි ද මෙම‍ "සෙල්ලම්ද සෙල්ලම්" කෘතියට ඇතුළත් ය. මෙම කෘතිය 2018 වසරේ සිල්ක් ක්‍රීඩා සම්මාන උළෙලේ දී ක්‍රීඩා සාහිත්‍යය සදහා වූ සම්මානය ද හිමි කර ගත්තේ ය.

    Thameera 01

    මෙම කෘති ද්විත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමේ අවස්ථාව සඳහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති අයි.ටී.එන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු චතුරංග ද අල්විස් මහතා ද එක්ව සිටියේය.

    Latest News