වෑන් රථය කොල්ලකා වෙඩි කෑ සැකකරු මරුට;පැනගිය අයෙක්ට මාංචු (වීඩියෝ)

ජූලි 30, 2019

    වාද්දූව ප්‍රදේශයේ යුද හමුදා මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඒ සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. වෑන් රථයට වෙඩිතබා ඇත්තේ ඊයේ රාත්‍රී වාද්දූව පල්ලිය අසළ යුද හමුදා මාර්ග බාධකයේ දී. මත්තෙගොඩ, කිරිගම්පමුණුව ප්‍රදේශයේ දී වෑන් රථයක් කොල්ලකා පළා යන බවට එහි හිමිකරු විසින් මත්තෙගොඩ පොලිස්ථානයට දැනුම්දී තිබේ. ඒ වෑන් රථයේ සවිකර තිබු ජීපීඑස් තාක්ෂණය මගින් වෑන් රථයේ ගමන් ගන්නා මාර්ගය සඳහන් කරමින්. ඒ අනූව, මත්තෙගොඩ පොලීසිය විසින් අඟුරුවාතොට පොලීසිය දැනුවත් කරනු ලැබීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු යතුරු පැදි දෙකකින් වෑන් රථය පසුපස හඹාගොස් තිබේ.

    පළාගිය වෑන් රථයට නැවැත්වීමට අණකර ඇත්තේ, වාද්දූව මාර්ග බාධකයේදී. එහිදී අණ නොතකා ධාවනය කළ වෑන් රථය යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද හප්පා තුවාල සිදුකර පානදුර දෙසට ධාවනය කර තිබේ. පානදුර පිංවත්ත හන්දියේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වෑන් රථය හරස් කර, එය නැවැත්වූ අවස්ථාවේ දී වෑන් රථය අතහැර සැකකරුවන් පළායන අවස්ථාවේ දී හමුදා සෙබළුන් සැකකරුවන් දෙදෙනාට වෙඩි තැබිමක් සිදුකර ඇති. එහිදී තුවාල ලැබූ එක් සැකකරුවෙකු මියගොස් ඇත්තේ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. පළාගිය අනෙක් සැකකරු පානදුර පිංවත්ත ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනුණි. ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 20:12

    Latest News