ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු යළි ඇමතිධූර බාරගනී

ජූලි 29, 2019

    ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

    පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

    රවුෆ් හකීම් මහතා නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්,

    රිෂාඞ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,
    අමීර් අලි සෙයිඞ් මොහොමඞ් සිහාබ්දන් මහතා කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

    අබ්දුල්ලා මහරුෆ් මහතා වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

    බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

    Latest News