කවුඩුල්ලේ කසිප්පු පෙරු හා දැව ජාවාරම් කළ 02ක් මාට්ටු

ජූලි 31, 2019

    කවුඩුල්ල ජාතික උද්‍යානයේ රළපනාව වැව ප්‍රදේශයේ කලක පටන් කල මහා පරිමාණ කසිප්පු ජාවාරම් සහ වන විනාශ සිදු කල දෙදෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මෙහෙයුමෙන් ගෝඩා මිලි ලිටර් (3,60,000) තුන්ලක්ෂ හැටදාහක්, පා පැදියක් සහ බැරැල් 06 ඇතුළු පෙරිමේ උපකරණ සමග මැදිරිගිරිය නවනගරයේ පදිංචිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    කවුඩුල්ල ජාතික උද්‍යානයට අයත් රළපානව වැව ඉස්මත්තේ සහ ඒ අවට වනානතරයේ වටිනා ගස් කපා දැව බවට පත් කර රැගෙන ගොස් ඇති අයුරු දැක ගත හැකිවේ. මෙම උද්‍යානය තුල ලී ජාවාරම සහ කසිප්පු ජාවාරම ජයටම සිදුවන ප්‍රදේශයේ ජනතාව පවසා සිටි.

    පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිළධාරින් දින දෙකක් රැක සිට ලී ජාවාරම් කරුවන් සහ කසිප්පු ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනිමට උත්සාහ කලත් කසිප්පු ජාවාරම් කල පුද්ගලයින් දෙදෙනෙකු පමණක් අත්අඩංගුවට ගැනිමට හැකි වී තිබේ. පොලිසිය එම ස්ථානයට ලඟාවන වෙන විට කසිප්පු පෙරමින් සිටි බව පොලොන්නරුව කොට්ඨාශ දුෂණ මර්ධන අංශය පවසයි.

    අත්අඩංගුවට පත් සැකකරුවන් සහ උපකරණ, ගෝඩා, ස්ප්‍රිත්තු අද (31) හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    kaudullapark px 900 19 07 3

    Latest News