ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළි 06කට තුවාල

ජූලි 31, 2019

    බදුල්ල - මහියංගණ මාර්ගයේ තල්දෙන 12 කනුව ආසන්නයේ හය දෙනෙකු ගමන්කළ ත්‍රිරෝද රථයක් අද (31) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදි එහි ගමන් කළ සියලු දෙනා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

     අඩි 10 ක් පමණ පහළට පෙරලුන ත්‍රිරෝද රථය ගසක වැදි නතරවිම හේතුවෙන් සියලු දේනාගේ ජිවිත බේරි ඇතැයි පොලිසිය පවසයි.

    හාලිඇල ප්‍රදේශයේ පිරිත් පින්කමකට සහභාගිවී මීගහකිවුල බලගොල්ල පිහිටි නිවෙස් වෙත ගමන් කරමින් සිටිය දි මෙම අනතුර සිදුව තිබේ. තුවාල ලැබුවන්ගෙන් පස්දෙනෙකුම කාන්තාවන්වේ. තිදෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. රියදුරුට නින්දයාමෙන් අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    Latest News