කතෝලික දේවස්ථානවල ආරක්‍ෂාව පිළිබඳව අගමැතිගෙන් සහතිකයක් (වීඩියෝ)

ජූලි 31, 2019

    අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ජාවක්, අගරදගුරු නිල නිවසේදී ඊයේ රාත්‍රී පැවැත්විණ.

    එහිදී අවධානය යොමු කෙරුණේ කතෝලික දේවස්ථානවල ආරක්‍ෂාව පිළිබඳවයි. ආරක්‍ෂක අංශ නිලධාරීන්, කතෝලික පියතුමන්ලා සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, මේ වනවිට කතෝලික ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බවයි. එහිදී අදහස් පළ කළ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා....

    “කාදිනල් උන්වහන්සේගේ ආරාධනයෙන් අවශ්‍ය ආරක්‍ෂාව පිළිබඳව සාකච්ජා වුණා. විශේෂයෙන්ම ළඟ එන තේවත්ත මංගල්‍යය, එහි ආරක්‍ෂාව තරකරන්නේ කොහොමද කියන එක. මඩු පල්ලිය ගැනත් බලන්න කියලා කිව්වා. ඒ තුළින් මම හිතනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සිද්ධස්ථානවලට පැමිණිලා මංගල්‍යය දිනවල ඔවුන්ගේ ආගමික වතාවත් සිදුකරගන්න පුලුවන් කියලා“ යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

     

    Last modified on බදාදා, 31 ජූලි 2019 19:55

    Latest News