රාජ්‍ය ඇමති රන්ජන්ගේ ප්‍රකාශයක් අගමැතිගේ අවධානයට

ජූලි 31, 2019

    රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැළිණිය රජමහා විහාරධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමියන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති විඩියෝ ප්‍රකාශන ප්‍රතික්ෂේප කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    බොහෝ පිරිසක් විසින් මෙම විඩියෝ ප්‍රකාශනය අග්‍රමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇතැයි අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ලෙස වීඩියෝවේ සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සොයා බැලිමට පත්කළ කමිටුව වෙත මෙම වීඩියෝව යොමු කර ඇතැයි එම නිවේදනයේ සඳහන්වේ.

    Latest News