පාස්කු ප‍්‍රහාරයේ අනතුරු ඇගවීමක් ගැන හමුදාව දැනුවත් නැහැ.... යුද හමුදාපති (වීඩියෝ)

ජූලි 31, 2019

    පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ යුද හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද සාක්‍ෂි ලබාදුන්නේය.

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළව කිසිදු අනතුරු ඇගවීමක් සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත්ව නොසිටි බව යුද හමුදාපතිවරයා එහිදී කියාසිටියේය.

    මෙම ප‍්‍රහාරයට පෙර ඇතැම් ස්ථානවලින් සොයා ගැණුනු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශනවලට යුද හමුදාවෙ සහය අවශ්‍ය තරම් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ලබා නොගත් බවත් ඔහු මෙහිදී කියා සිටියේය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ යුද හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානායක අද (31) සාක්‍ෂි ලබාදෙන්නේ දෙවන වරටයි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 20:08

    Latest News