අනුරාධපුර කඳවුරේදී හමුදා සෙබලෙක් වෙඩි තබා ගනී

ජූලි 31, 2019

    අනුරාධපුර රණසේවාපුර යුද කඳවුරේ සේවයේ නියුතු හමුදා සෙබලෙක් සිය ගිණි අවියෙන් වෙඩිතබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

    අද (31) දින සවස 3:55ට පමණ මෙම වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර මෙම හමුදා සෙබලා 212 වන බලසේනා මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිට ඇත. ඔහු අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර දරුණු තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් තිබේ.

    වයස අවුරුදු 24ක් වන මොහු ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News