සහරාන්ගේ කණ්ඩායමේ 02 කට රැඳවුම් නියෝග

අගෝ 04, 2019

    ඊයේ අත්අඩංගුවට ගත් ජමාතෙයි මිල්ලතෙයි ඊබ්‍රාහිම් සංවිධානයේ පුද්ගලයන් දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.

    ඒ පිලිබඳ අදහස් දැක්වූ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා....

    “එක් සැකකරුවෙක් වයස අවුරුදු 25ක් වු ඔට්ටමාවඩු, වාලච්චේන ලිපිනයේ පදිංචි මොහොමඩ් නවුෆර් උමාර් නමැති පුද්ගලයෙක්. ජේඑම්අයි සංවිධානයේ නැගෙනහිර පළාතේ නායකයා වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවටයි අනාවරණය වෙලා තියෙන්නේ. අනෙක් පුද්ගලයා වයස අවුරුදු 25ක් වූ ජයනෙත්ති මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි කරුවෙක්. මොහොමඩ් සලමන් නමැති මෙම පුද්ගලයා ඔලුවිල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ තැනැත්තෙක්. ඔහු ඔලුවිල් විශ්වවිද්‍යාලය තුළ මේ තහනම් මතවාදය ව්‍යාප්ත කරන පුද්ගලයෙක් බවටයි විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයෙන් ලැබුණු තොරතුරු මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකළා. අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සියලුම ත්‍රස්තවාදීන් මේ වෙද්දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රස්තවාදීන්ට යම් යම් ආකාරයකින් උදව් උපකාර කරන ලද, ඒ වගේම ඔවුන් සමඟ පුහුණු වූ මෙවැනි තහනම් සංවිධානවලට සෘජුව සම්බන්ධ වූ සියලුම තැනැත්තන් මේ ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම දිගටම සිදුවෙනවා“. යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 20:13

    Latest News