ජේලර් ඝාතනය සේවිමට පොලිස් කණ්ඩායම් 04ක්

අගෝ 04, 2019

    වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා.

    “ මේ ජිවිතක්‍ෂයට පත්වූ වයස අවුරුදු 44ක් වූ එම ප්‍ර දේශයේ ම පදිංචි තිළිණ රුවන් ජයරත්න නමැති අයෙක්. ඒ වගේම ඔහු වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වනවා මේ ජිවිතක්‍ෂයට පත්වූ පුද්ගලයා. ඔහු යතුරු පැදියකින් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙක් මොහුට වෙඩි තබා පලාගොස් තිබුණා. සිද්ධිය වූ ස්ථානයේ තිබූ ටී 56 වර්ගයේ පතරොම් බවට සැකකරන හිස් පතරොම් කොපු තුනක් සොයා ගෙන තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායම් 4ක් යොදවලා මේ වනවිට විමර්ශන සිදුවෙනවා. විමර්ශනවලදී සිසිටීවී දර්ශන දුරකතන විශ්ලේෂණයකුත් මේ විමර්ශන සඳහා සහය කරගනිමින් තිබෙනවා“ යැයි පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 20:10

    Latest News