හම්බන්තොට ඉඩමකට වෙඩි තබා ගැනීමක්

අගෝ 05, 2019

    හම්බන්තොට ගොන්නොරුව මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී ඊයේ (04) කැබ් රථයකට වෙඩි තැබිමක් සිදුකර තිබේ.

    වෙඩි ප්‍රහාරයට ලක්වු කැබ් රථයේ රියදුරු විසින් වෙඩි ප්‍රහාරකයාව අල්ලා හම්බන්තොට මුලස්ථාන පොලිසියට බාරදුන් බව හම්බන්තොට මුලස්ථාන පොලිසිය පවසයි.

    කැබ් රථයට වෙඩි තැබූ සැකකාර ස්කුටර්යකින් පැමිණ වෙඩි තබා ඇති අතර වෙඩි වැදි ඇත්තේ කැබ් රථයේ බඳ ප්‍රදේශයටයි.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ කැබ් රථයේ ගමන් කළ පුද්ගලයින් හම්බන්තොට ගොන්නොරුවේ පදිංචිකරුවන් වන අතර ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ලබා දුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තාවේ. හම්බන්තොට පොලිසිය වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .

     

    Latest News