ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ලට නීතිපතිට සිහි කැඳවීමක්..

අගෝ 05, 2019

    ඉස්ලාම් ධර්මය හා කුරානයට අපහාස කලේ යෑය් චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබඩ අත්තේ ඥනසාර හිමියන්ට විරුද්ධව පවරා ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නැවත සිහි කැඳවීමක් යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

    එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාශය විසින් කල කරුණු දැක්වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වවරිය මෙම නියෝගය නිකුත් කළේ.

    සැකකාර ඥණසාර හිමියන් 2017.05.06 දිනයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති රැස්වීම් දෙකකදී ඉස්ලාම් ධර්මයට හා කුරානයට අවහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බව පා.ම. මුජිබුර් රහ්මාන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 16:14

    Latest News