සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට (විඩියෝ)

අගෝ 11, 2019
  • ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි ව්‍යාපෘති 98997ක්, සාර්ථකව ක්‍රියාත්මක වන බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මාතර නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමින්. මාතර, හක්මන මාර්ගයේ මාතර නගරයේ සිට නාඳුගල දක්වා වූ කිලෝමීටර් 2ක කොටස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍යවරයා අතින් අද ආරම්භ කෙරිණ. රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 1.3ක්. මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කෙරෙන නිවාස හා වෙළෙඳසැල් සඳහා ද පිරිනමා ඇති වන්දි මුදල රුපියල් මිලියන 700ක්. මාතර පරවිදූව උපෝසතාගාරයට යාමට ඇති පාලම නවීකරණය කිරීම අද ආරම්භ කෙරිණ. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 9ක්. මාතර වෙරළ උද්‍යාන නවීකරණය කිරීමට ද මුල්ගල තැබුණේ අමතාත්‍යවරයා අතින්.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 14:39

    Latest News